මෙඩිකෙයා කාන්තා හා ළමා රෝහල ඩුබායිහිදී විවෘත වේ



 

 

ඩුබායිහි මෙඩිකෙයා කාන්තා හා ළමා රෝහල එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ උප ජනාධිපති හා අගමැති, ඩුබායිහි පාලක අතිගරු ෂෙයික් මොහමඩ් බින් රෂීඩ් අල් මක්තුම් තුමාගේ බිරිය වන  හයා බින්ත් අල් හුසේන් කුමරියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) විවෘත විය. මෙය එක්සත් අරාබි එමීර් රාජ්‍ය තුළ 90%ක කාන්තා කාර්ය මණ්ඩලයකින් සමන්විත ප්‍රථම රෝහලද වන්නේය.

එමීර් රාජ්‍යයේ වඩාත් සෞඛ්‍ය සම්පන්න කාන්තාවන් බිහිකරලීමේ අරමුණ ඇතිව  විවෘත වුණු මෙඩිකෙයාර් කාන්තා හා ළමා රෝහල ඇදන් 100 කින් යුතුවන අතර  ලොව අති නවීනතම වෛද්‍ය  අංගෝපාංග වලින් යුක්ත වේ.

මෙම නව කාන්තා හා ළමා රෝහල ජනතා අයිතියට පැවරීමේ උත්සවයේදී පැමිණ සිටි අමුත්තන් හමුවේ අදහස් දැක්වූ අගමැති බිරිය වන හයා බින්ත් අල් හුසේන් කුමරිය පැවසූයේ  කාන්තාවන් හා ළමුන් වෙනුවෙන් කැප වූ  විශිෂ්ඨ ගණයේ රෝහලක් ලෙස මෙය හැදින්විය හැකි බවය. කාන්තාවන් මෙන්ම ඔවුන් ජීවත්වන පවුල් පසුබිම තුළ සෞඛ්‍ය සම්පන්න හා ප්‍රීතිමත් ජීවිතයක් ලබා දීම ඩුබායි පාලකවරයාගේ දැඩි අරමුණක් බව කියා සිටියාය. මෙම රෝහල විවෘත කිරීමෙන් අනතුරුව ඇය රෝහලේ වාට්ටු එහි අනෙකුත් පහසුකම් නිරීක්ෂණය කළාය.

රෝහල විවෘත කිරීම හා සමගාමීව වඩාත්  සෞඛ්‍ය සම්පන්න ජීවිත රටාවක් එමීරයේ කාන්තාවන්ට හුරු කරවීම වෙනුවෙන් “ වුමෙන් ෆෝ වුමෙන් “(women  4 women) නැමැති සෞඛ්‍ය වැඩසටහනක්ද දියත් කෙරිණි.

( තිළිණි ද සිල්වා) එමිරේට්ස්  24/7 පුවත්සේවාව ඇසුරෙනි.

සටහනඃ මේ සම්බන්ධයෙන් මුලින් පළවූ ප්‍රවෘත්තියෙහි සදොස් තැන් කිහිපයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පදිංචි ශ්‍රීලාංකිකයකු වන Yohan Pas මහතා විසින් ඊමේල් පනිවිඩයක් මගින් අපට පෙන්වා දෙන ලදී. ඒ අනුව ඒ සදොස් තැන් නිවැරදි කිරීමට පියවර ගත්තෙමු. ඒ මහතාට අපගේ ස්තුතිය පළ කරමු.

මැද පෙරදිග රටවල සිටින ඔබ වෙනුවෙන්ම කැපවූ මෙම වෙබ් අඩවිය අප ක්‍රියාත්මක කරන්නේ ශ්‍රී ලංකාවේ (කොළඹ) සිටය. එනිසා මැද පෙරදිග රටවල් සම්බන්ධයෙන් පළවෙන ඇතැම් ප්‍රවෘත්තිවල ඉඳ හිට සදොස් තැන් ඇතිවිය හැකිය. එවැනි අවස්ථාවලදී එම වැරදි තැන් අපට පෙන්වා දීම අපි බෙහෙවින්ම අගය කරමු. අපි හැකි ඉක්මනින් ඒවා නිවැරදි කිරීමට පියවර ගන්නෙමු. ඔබ අපට දක්වන සහයෝගයට ස්තුතියි.

සංස්කාරක.

මැද පෙරදිග ලංකාදීප


RECOMMEND POSTS