මෙක්සිකෝ සමාජ ශාලාවක වෙඩි තැබීමකින් 15 ක් මරුට



මෙක්සිකෝවේ යුවන්ජුවාටෝ පළාතේ සලමන්කා නගරයේ රාත්‍රී සමාජ ශාලාවක සිදුවුණු වෙඩි තැබීමකින්, 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

වෙඩි තැබීම සිදුවූයේ ලා පල්යා රාත්‍රී සමාජ ශාලාවේය. සන්නද්ධ කණ්ඩායමක් හිටිහැටියේ ඊට කඩා වැදී වෙඩි තැබීම කළේ යැයි පොලිසිය කියයි. යුවන්ජුවාටෝ පළාත මත්කුඩු අපරාධ කල්ලි සාමාජිකයන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා බහුල තැනක් බව විදෙස් පුවත් සේවා සඳහන් කරයි.

අල් ජසීරා

 


RECOMMEND POSTS