මෙක්සිකෝවේ වෙඩි තැබීමක්



මෙක්සිකෝවේ සංචාරකයන් බහුල සාප්පු සංකීර්ණයක සිදුවුණු වෙඩි තැබීමකින් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන අටකි.

වෙඩි තැබීම කළේ මරියාචි ගායකයකු ලෙස හැඳපැළඳ ගත් තුවක්කුකරුවෙකු යැයි පැවැසෙයි.

වෙඩි තැබීම කළේ ඇයිදැයි මෙතෙක් අනාවරණය වී නැත. පොලිස් පරික්ෂණ දිගටම සිදුවෙයි. තුවාල ලැබූවන් කඩිනමින් රෝහල් ගත කළ බවත්, ඔවුන්ගේ තිදෙනකුගේ තත්ත්වය බරපතල බවත් පැවැසෙයි.

(රොයිටර්ස්)

 


RECOMMEND POSTS