මූදු කොල්ලකරුවෝ ඉන්දීය නැවක් පැහැර ගනිති

සෝමාලි මූදු කොල්ලකරුවන් ඉන්දීය වෙළෙඳ නැවක් පැහැරගත් බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
මෙම ඉන්දීය වෙළෙඳ නැව සෝමාලියාවට ඔබ්බෙන් මුහුදේ යාත්රා කරමින් තිබියදී එය කොල්ලකරුවන්ගේ ග්රහණයට හසුවිය.
මෙම නැවේ සිටි කාර්ය මණ්ඩලය 11 කි. පැහැර ගැනීමට ලක් වෙද්දී නෞකාව ඩුබායි සිට සෝමාලියාවේ බොසාරෝ වරාය නගරය බලා යාත්රා කරමින් තිබුණු බව ද වාර්තා වේ.
(එන්.ඩී.ටීවී.)

