මුළු පාකිස්තානයම අඳුරේ



පාකිස්තානය පුරාවට විදුලිය බිඳ වැටීමක් සිදුවුණු බවත්, පාකිස්තාන වැසියන් පැය ගණනාවක් මහත් අසීරුතාවකට මුහුණ දුන් බවත් එරට මාධ්‍ය ඊයේ (9) වාර්තා කළේය.

විදුලිය විසන්ධි වූයේ 9 වැනිදා මැදියම් රාත්‍රියේය‍. ජාතික විදුලිබල පද්ධතියේ දෝෂයක් හේතුවෙන් විදුලිය විසන්ධි වූ බව පාකිස්තාන බලශක්ති අමාත්‍ය ඔමාර් අයුබ් කාන් පැවැසුවේය.

ඉස්ලාමාබාද්, කරච්චි, ලාහෝර් වැනි ප්‍රධාන නගරවලට විදුලිය යළි ලබා දීමට පැය ගණනක් ගත වී ඇත. බලධාරීන්ය කඩිනමින් විදුලි බලය යථා තත්ත්වයට පත් කිරීමට හැකිවූයේ ගුජරාට් ප්‍රාන්තයට සහ පෙෂවෝර් නගරයටය.

ඊයේ (9) උදෑසන වනවිට පළාත් කීපයකට විදුලිය සැපැයීමට හැකිවුණු බව බලධාරීහු පැවසූහ. පාකිස්තානයේ විදුලිය බිඳ වැටීම සාමාන්‍ය දෙයක් වන නමුත්, පාකිස්තානය පුරාවට මේ අයුරින් පැය ගණනක් විදුලිය බිඳ වැටීමක් සිදුවන්නේ කලාතුරකිනි.

මීට පෙර මේ අයුරින් පාකිස්තානය පුරාවට විදුලිය විසන්ධිවීමක් වූයේ පසුගිය 2013 දීය. ඒ, පාකිස්තානයට අයත් බලුකිස්තානයේ පිහිටි, පාකිස්තාන ජාතික විදුලි බල පද්ධතියට විදුලිය සපයන විදුලි පද්ධතියේ සිදුවුණු හදිසි බිඳ වැටීමක් හේතුවෙනි.

ඉස්ලාමාබාද් නුවරදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS