මුහුණු ආවරණ අනිවාර්ය නෑ



‘කොවඩ් 19’ වයිරස වසංගතය ව්‍යාප්ත වීම වළක්වා ගැනීමේ අරමුණින්, නිවාර්ය කළ මුහුණු ආවරණ නීතිය ඉවත් කරන බව හොංකොං ප්‍රධානී ජෝන් ලී  හොංකොං වැසියන්ට දැනුම් දී තිබේ.

මුහුණු ආවරණ අනිවාර්ය නීතිය ඉවත් කරන බව හොංකොං ප්‍රධානී ජෝන් ලී පැවැසුවේ සෞඛ්‍ය අංශ ලබා දුන් නිර්දේශ සැලකිල්ලට ගනිමිනි.

‘කොවිඩ් 19’ වයිරස වසංගතයෙන් එල්ල වුණු බලපෑම කෙමෙන් පහව යෑමත් සමඟ හොංකොං සෞඛ්‍ය අංශ මෙම තීරණය ගත් බව ද පැවැසෙයි. මුහුණු ආවරණ අනිවාර්ය නීතිය මෙසේ ඉවත් කෙරුණේ දින 945 කට පසුව යැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

‘කොවිඩ් 19’ වසංගතයෙන් දරුණු ලෙස බලපෑම් එල්ල වෙද්දී, මුහුණු ආවරණ නොමැතිව ප්‍රසිද්ධ ස්ථානවල රැඳී සිටින්නේ නම් හොංකොං ඩොලර් 10,000 ක දඩයක් ද නියම කෙරුණි. ‘කොවිඩ් 19’ වයිරසයෙන් එල්ල වුණු බලපෑම කෙමෙන් පහව ගොස් ඇති බැවින් තව දුරටත් මුහුණු ආවරණ අනිවාර්ය නොවන බව හොංකොං සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

හොංකොං යනු චීනය අයත් පරිපාලන ප්‍රදේශයකි. හොංකොං ජනගහනය මිලියන 7.413 කි. අතීතයේ හොංකොං බ්‍රිතාන්‍ය කොලනිකයක් විය.

(රොයිටර්)


RECOMMEND POSTS