මුස්ලිම් සංක්‍රමණිකයන් බාර ගන්නවා. කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ කියයි



ඇමෙරිකාවේ නව ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ලබා දී ඇති විධායක නියෝග හේතුවෙන් ඇමෙරිකාවට යෑමට නොහැකිව එරට ගුවන් තොටුපොළවල කොටුවුණු මුස්ලිම් රටවල සංක්‍රමණිකයන් බාර ගැනීමට කැනඩාව සූදානම් යැයි එරට අගමැති ජස්ටින් ටෘඩෝ නිවේදනය කළේය.

යුද ගැටුම්වලට මැදවී, අසරණව, උන්හිටිතැන් අහිමිව තම මවු රට හැර පැමිණි වැසියන් තවත් අසරණ වනු පෙනි පෙනී කිසිවක් නොකර බලා සිටීමට තමාට හෝ තම රජයට නොහැකි බව ද කැනඩා අගමැතිවරයා වැඩි දුරටත් කියා සිටී.

 

(රොයිටර්)


RECOMMEND POSTS