මුනගැග්වා දිවුරුම් දෙයි



සිම්බාබ්වේ රාජ්‍යයේ නව ජනාධිපති ලෙස එරට උප ජනාධිපති ලෙස කටයුතු කළ එමර්සන් මුනගැග්වා ඊයේ (24) දිවුරුම් දුන්නේය.

රටේ දුර්වල ආර්ථිකය ගොඩ නැගීමටත්, ජනතාවගේ අවශ්‍යතා සියල්ල ඉටු කිරීමටත්, සිම්බාබ්වේ රාජ්‍යය වඩ වඩාත් ලෝකයට විවෘත කිරීමටත් තමන් කටයුතු කරනවා යැයි හෙතෙම ප්‍රතිඥා දුන්නේය.

මුනගැග්වාගේ දිවුරුම් දීම සිදුවූයේ හරාරේ අගනුවර ක්‍රීඩාංගනයේය. දිවුරුම්දීමේ විශේෂ උත්සවයට හමුදා ආරක්ෂාව ද යොදවා තිබුණි. මුනගැග්වාගේ ආධාරකරුවන්ගෙන් ක්‍රීඩාංගනය අතුරුසිදුරු නැතිව පිරී පැවැතුණු බව ද වාර්තා වේ.

මුනගැග්වාගේ ආධාරකරුවන්, මුනගැග්වා හඳුන්වන්නේ ‘කිඹුලා’ යන ආදර නාමයෙනි.

ධුරයෙන් ඉවත් වුණු ජනාධිපති මුගාබේ, ජාතියේ පියා ලෙස හඳුන්වා දීමට ද මුනගැග්වා කටයුතු කළේය. මුගාබේ ධුරයෙන් ඉවත් වූයේ වසර 37 ක් තිස්සේ බලයේ රැඳී සිටීමෙන් පසුවය.

(බී.බී.සී.)

 


RECOMMEND POSTS