මුගාබේ එක්තැන්වෙලා



සිම්බාබ්වේ හිටපු ජනාධිපති 94 හැවිරිදි රොබට් මුගාබේගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින පිරිහී යමින් පවතින බවත්, ඔහුට ඇවිදීමටවත් නොහැකි බවත් එරට ජනාධිපති එමර්සන් මුනගැග්වා කියයි.

ජනාධිපති මුනගැග්වා මේ බව කියා සිටියේ ජනතාව අමතමිනි. හිටපු ජනාධිපති මුගාවේ ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට ගොස් සිටී. සිංගප්පූරු ගමන සිදුවී ඇත්තේ මීට මාස කිහිපයකට පෙරය. හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් විශේෂ ගුවන් යානයක් ලබා දීමට වත්මන් ජනාධිපති එමර්සන් මුනගැග්වා කටයුතු කළේ යැයි ද පැවැසෙයි.

‘මුගාබේගේ සෞඛ්‍ය තත්ත්වය දුර්වලයි. ඒත් කිසිම අවස්ථාවක අප ඔහු තනි කරන්නේ නැහැ. ඔහුට අවශ්‍ය ඕනෑම උදව්වක් අපි ලබා දෙනවා. සිම්බාබ්බේ රාජ්‍යය බිහි කිරීමෙහිලා පුරෝගාමියකු වුණේ මුගාබේ. අපි කවුරුත් ඔහුට ආදරෙයි. ඔහු බලා ගැනීම අපේ යුතුකමක්’ යැයි ජනාධිපති එමර්සන් මුනගැග්වා වැඩි දුරටත් කියා සිටියේය.

ජනාධිපති එමර්සන් මුනගැග්වා මේ බව කියා සිටියේ ස්විම්බා නගරයේ පැවැති ජන රැළියක් අමතමිනි. ස්විම්බා යනු මුගාබේගේ උපන් නගරයයි. එය පිහිටා ඇත්තේ හරාරේ අගනුවර සිට කිලෝ මීටර් 100 ක් බටහිර දෙසිනි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS