මිලියන 1.5 ක් ලැබිලා



මාලදිවයිනේ ජනාධිපතිවරණයට ඔන්න මෙන්න තිබියදී, ජනාධිපති අබ්දුල්ලා යමීන්ට ඇමෙරිකන් ඩොලර් මිලියන 1.5 ක මුදලක් ලැබී ඇතැයි මාලදිවයිනේ මූල්‍ය අක‍්‍රමිකතා පිළිබඳ සොයා බලන විශේෂ ඒකකය පවසයි.

මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් සොයා බලව මෙම විශේෂ ඒකකය පිහිටුවා ඇත්තේත් කි‍්‍රයාත්මක වන්නේත් මාලදිවයින මහ බැංකුව යටතේය.

ජනාධිපති යමීන්ට ලැබුණු එම ඇමෙරිකන් ඩොලර් මිලියන 1.5 ක මුදල සම්බන්ධයෙන් තමන්ට ලැබුණු සියලූ තොරතුරු පොලිසියට ලබා දුන් බව එම ඒකකය පවසා ඇත.

එම ඒකකය වැඩි දුරටත් පවසා ඇත්තේ ජනාධිපති යමීන්, මාලදිවයින ඉස්ලාමීය පෞද්ගලික බැංකුවේ ගිනුම් දෙකක තැම්පත් කර ඇති බවය.

(රොයිටර්ස්)

 


RECOMMEND POSTS