මියන්මාර හමුදා යානයක් කඩාවැටේ



පුද්ගලයන් 116 දෙනකු රැගත් හමුදා ගුවන් යානයක් අන්දමන් මුහුදට කඩා වැටී ඇතැයි මියන්මාර රජය කියයි.
යානය කඩා වැටී ඇත්තේ දහවල් එරට වේලාවෙන් 1.30 ට පමණය.

රේඩාර්වලින් අතුරුදන් වෙද්දී යානය මයියෙක් නුවර සිට යැංගොන් නුවර බලා පියාසර කරමින් තිබුණු බව ද පැවැසෙයි.

යානයේ සිටි 116 දෙනාගෙන් 105 දෙනකු මගීන් වන අතර ඉතිරි පිරිස නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයෝය.

මගීන්ගෙන් වැඩි දෙනා හමුදා සොල්දාදුවන්ගේ සහ නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයන් බව ද පැවැසෙයි. ඔවුන් අතර කාන්තාවන් සහ කුඩා දරුවන් ද සිට ඇත.

දිවි ගලවා ගත් 15 දෙනකු මුහුදේ පාවෙමින් සිටිද්දී බේරා ගත් බව පසුව වාර්තා විය.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS