මියන්මාර නව ජනාධිපති වින් මින්ට්

ජනපති ධුරයේ සිටි හිට්න් කෝව්ගේ ඉවත්වීමත් සමඟ එම ධුරයට වින් මින්ට් පත් කර ගැනීමට මියන්මාර පාර්ලිමේන්තුව කටයුතු කර ඇත.
හිට්න් කෝව් මෙන්ම, නව ජනාධිපති වින් මින්ට් ද මියන්මාර නිල නොවන නායිකා අවුන් සාන් සූ කීගේ සමීපතම ආධාරකරුවෙකි.
2012 වසරේ පටන් මියන්මාර පහළ මන්ත්‍රී මණ්ඩලයේ කථානායකයා ලෙස කටයුතු කරමින් සිටියේ ද වින් මින්ට් යැයි පැවැසෙයි.
සූ කීට මියන්මාරයේ ජනපති ධුරයට පත් විය නොහැකිය. ඒ, රටේ ව්‍යවස්ථාවට අනුවය. ඇය නිල නොවන ජනපතිනිය ලෙස කටයුතු කරන අතර ජනපති ධුරයට පත් වුණු වින් මින්ට් හුදෙක් නාමික ජනපතිවරයෙකු ලෙස කටයුතු කරයි.
(බී.බී.සී.)

