මියන්මාර ගම්මානයක පිපිරීමකින් 55 ක් මරුට

මියන්මාර හමුදා පාලනයට එරෙහිව සටන් වදින, ආයුධ සන්නද්ධ කැරැලිකරුවන්ට අයත්, ගම්මානයක පිපිරීමක් සිදුවිය.
පිපිරීමට හසුවීමෙන් මියගිය ගණන 55 කි. තුවාල ලැබූ ගණන 46 ක් බව පැවැසෙයි. මියගිය සහ තුවාල ලැබූ වැඩි දෙනා ගම්මානයේ සිටි කැරැලිකරුවන් යැයි පැවැසෙයි.
පිපිරීම සිදුවූයේ මියන්මාර චීන දේශසීමාව ආසන්නයේ පිහිටි කවුංග් ටට් ඉන් සාන් නමැති ගම්මානයයි. පුපුරා ගියේ මෙම ගම්මානයේ පිහිටි ආයුධ ගබඩාවය. ඊට හේතුව අනාවරණය වී නැත. මියන්මාර හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් අවි ගබඩාව පුපුරා ගියේ ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් කිසිවක් තහවුරු වී නැත.
2021 වසරේ යළිත් වරක් සිදුවුණු හමුදා කුමන්ත්‍රණයකින් පසු මේ වනවිට මියන්මාරයේ ඇත්තේ හමුදා පාලනයකි. මියන්මාර ජනාධිපති ලෙස කටයුතු කරන්නේ හමුදාපතිවරයාය. මියන්මාර ජනාධිපති මිංග් අවුන්ග් ලයිංග් මේ වනවිට සිටින්නේ ඉන්දියාවේ නිල සංචාරයකට එක් වෙමිනි.

