මියන්මාරයේ අවි ගැටුමක්

මියන්මාර ආයුධ සන්නද්ධ කල්ලියක් සහ එරට හමුදාව අතර හටගෙන ඇති දරුණු අවි ගැටුම් හේතුවෙන් රකීන් පළාතේ වැසියන් බොහොමයක් එම පළාත අතහැර පලා යමින් සිටින බව වාර්තා වේ.
ගැටුම් පවතින්නේ දැඩි අන්තවාදී බෞද්ධ සන්නද්ධ කල්ලි සහ මියන්මාර හමුදාව අතරේය. රකීන් යනු මියන්මාරයේ සුළු ජාතිකයන් වන රොහින්ග්‍යා මුස්ලිම්වරුන් ජීවත් වන පළාතය.
එම බෞද්ධ අන්තවාදී කල්ලිය අවි අතට ගත්තේ, රකීන් පළාතේ මුස්ලිම් අන්තවාදීන්ට එරෙහිවය. මියන්මාර හමුදාව මොවුන්ට පමණක් නොව රකීන් පළාතේ ඉස්ලාමීය අන්තවාදීන්ට එරෙහිව ද සටන් මෙහෙයවයි.
(අල් ජසීරා)

