මියගිය 1,770 ක්



‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව අද (17) වනවිට 1,770 තෙක් දක්වා ඉහළ ගියේය.

වයිරසය ආසාදනය වූ සංඛ්‍යාව 71,331 ක් බව පැවැසිණි. එයින් 70,550 ක් චීනයෙන් වාර්තා වූ අතර සෙසු 710 දෙනා පිරිස රටවල් 28 කින් වාර්තා වී ඇත. චීනයෙන් පිට වැඩිම රෝගීන් හමුවී ඇත්තේ සිංගප්පූරුවෙනි. එම ගණන 75 කි.

දෙවැනියට වැඩිම රෝගීන් හමුවී ඇත්තේ සිංගප්පූරුවෙනි. තෙවැනියට වයිරස ආසාදිතයන් හමුවී ඇත්තේ ජපානයෙනි. එම ආසාදිතයන්ගෙන් වැඩිදෙනා ජපානයේ යොකෝහාමා වරායේ නිරෝධායනය කර රඳවා ගෙන සිටින ‘ඩයමින්ඞ් ප්‍රින්සේස්’ නමැති කෲස් නැවේ සිටින සංචාරක මගීන්ය.

(රොයිටර්)


RECOMMEND POSTS