මැලේසියාවේ නායයෑමක්



මැලේසියාවේ බටාන්ග් කාලි නගරයට නුදුරින්, සංචාරකයන් අතරේ ප්‍රකට, කඳුකර ප්‍රදේශයක සිදුවුණු නායයෑමකින් 21 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මඩ සහ පස් තට්ටු අතරේ සැඟව යෑමෙන් 12 දෙනෙක් අතුරුදන් වූහ.

නායයෑමට හසුවීමෙන් මියගියේත්, අතුරුදන් වූයේත් එළිමහනේ කඳවුරු බැඳ සිටි සංචාරකයන් යැයි මැලේසියානු බලධාරීහු පවසති.

පසුගිය 16 වැනිදා අලුයම 3 ට පමණ නායයෑම සිදුවෙද්දී නිවාඩු ගත කිරීමට පැමිණි සංචාරකයෝ ඔවුන්ගේ කූඩාරම්වල නිදා සිටියහ. අතුරුදන් 12 දෙනා සොයා ගැනීමේ මෙහෙයුම් සඳහා සහන සේවකයන් 400 කට වැඩි පිරිසක් යොදවා ඇතැයි ද පැවැසෙයි.

ඊයේ (17) දිනය පුරා දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් සිදුවිය.මියගිය පිරිස අතර, නිවාඩුවක් සඳහා ආ කාන්තාවන් 12 දෙනකු සහ කුඩා දරුවන් පස් දෙනකු සිටින බව ද පැවැසෙයි.

මඩ සහ පස් තට්ටු අතරින් තම දරුවන් තුරුලු කරගෙන සිටින මවුවරුන් කීප දෙනකුගේ සිරුරු හමුවී ඇත්තේ හදවත් කම්පා කරවන ආකාරයෙන් යැයි මැලේසියානු මාධ්‍ය වාර්තා කර තිබේ.


RECOMMEND POSTS