මැලේසියාවේදී සෞදි රජුට පහර දෙන්න සැලැසුම් කළ ත්‍රස්ත කල්ලිය කොටුවෙයි



මැලේසියා සංචාරයකට පැමිණීමට නියමිත සෞදියේ සල්මාන් රජු සහ රජ පවුලේ සාමාජිකයන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් සැලැසුම් කළ ත්‍රස්ත කල්ලියක් අත්අඩංගුවට ගත් බව මැලේසියානු ආරක්ෂක අංශ පවසයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර යේමන ජාතිකයන් සිවු දෙනෙක් ද සිටිති. මොවුන් යේමන රජය පෙරළා බලය අල්ලා ගත් හවුති සටන්කාමීන්ගේ හිතවාදීන් යැයි ද පැවැසෙයි. යේමන අර්බුදයේ දී හවුති සටන්කාමින්ට සෞදි රජය ප්‍රහාර එල්ල කරයි.

ආසියානු සංචාරයක යෙදෙන සෞදි රජු මේ වනවිට ආසියානු මුස්ලිම් රටවල් රැසක සංචාරය කර ඇත. රජු මැලේසියාවට ද පැමිණෙන්නේ රජ කුමරුන් 25 දෙනකු ද කැටුවය.

බී.බී.සී.

 


RECOMMEND POSTS