මැයි 9 දා යුද්ධය අවසන් කරාවි

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, යුක්රේනය ආක්‍රමණය කරමින් ආරම්භ කළ යුද්ධය නිමා කරනු ඇත්තේ, ලබන මැයි මස 9 වැනිදා යැයි බුද්ධි තොරතුරු උපුටා දක්වමින් යුක්රේන බලධාරීහු පවසති.
දෙවැනි ලෝක යුද සමයේ දී, රුසියාව හිට්ලර්ගේ නාසි හමුදා පරාජය කළේ මැයි 9 වැනිදා දිනක වීම ඊට හේතුව බව යුක්රේන බලධාරීහු වැඩිදුරටත් පැහැදිලි කරති.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අසල්වැසි යුක්රේනයට එරෙහිව 'හමුදාමය ක්‍රියාමාර්ගයක්' ගත්තේ, මීට මාසයකට පෙරය. රුසියාව පවසන්නේ, ඔවුන්ගේ 'හමුදාමය ක්‍රියාමාර්ගය' සැලැසුම් කළ අන්දමින් සිදුවන බවය.
කෙසේ නමුත්, යුක්රේනය සහ බටහිර රටවල් පවසන්නේ රුසියන් ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීගේ නිර්භීතබව නිසාත්, යුක්රේන සිවිල් වැසියන් ද අවි අතට ගෙන යුක්රේන හමුදාව සමඟ එක් වී, රුසියන් හමුදාවට එරෙහිව සටන් වැදීම නිසා රුසියන් හමුදාව දැඩි පසුබැසීමකට ලක් වී ඇති බවය.
රුසියන් හමුදාව ලබා ඇති එම 'පසුබැසීම' ලැජ්ජාවට කරුණක් බව බටහිර රටවල් උපුටා දක්වමින්, බටහිර මාධ්‍ය පෙන්වා දී තිබේ. මේ වනවිට 10,000 කට වැඩි රුසියන් සොල්දාදුවන් පිරිසක් යුක්රේන හමුදා ප්‍රහාර හේතුවෙන් මියගොස් ඇති බව රුසියාව ද පිළිගෙන තිබේ.
යුක්රේන බුද්ධි අංශ වැඩි දුරටක් පැහැදිලි කරන අන්දමට, රුසියාවට මුළු යුක්රේනයට ආක්‍රමණය කිරීමට හැකි නොවනු ඇති බවත්, නැගෙනහිර යුක්රේනයේ රුසියානු සම්භවයක් ඇති වැසියන් වැඩිපුර වාසය කරන ඩොන්බාස් පළාත 2014 දී ක්‍රිමියා අර්ධද්වීපය අත්පත් කරගත් ආකාරයට රුසියාවේ කොටසක් කර ගනිමින් රුසියානු ජනාධිපති පුටින් යුද්ධය අවසන් කරනු ඇති බවය. ඩොනෙස්ක් සහ ලුහන්ස්ක් යන නගර ද අයත් වන්නේ ද ඩොන්බාස් පළාතටය.
මේ අතර යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් රුසියාව විශේෂ ප්‍රකාශයක් කර තිබේ. ඒ, යුද්ධයේ පළමු අදියර සාර්ථකව නිමා වුණු බවය.
රුසියන් හමුදා මේ වනවිට නැගෙනහිර යුක්රේනයට අයක් පළාත් (ඩොන්බාස් ද ඇතුළුව) මුළුමනින්ම පාහේ අත්පත් කරගෙන සිටී. ඊට අමතරව කීව් අගනුවර සහ සෙසු ප්‍රධාන නගර වට කරමින් ඒවා අත්පත් කර ගැනීමට ද සූදානම් වෙයි.
(රොයිටර්)

