මැනිලා සීල් තැබේ
‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය පැතිරීමත් සමඟ පිලිපීනයේ මැනිලා අගනුවර සීල් තැබීමට එරට රජය තීරණය කර ඇත.
අත්‍යවශ්‍ය රාජකාරියකට හැර නගර වැසියන්ට නිවෙස්වලින් පිටවිය නොහැකි අතර, නිවෙස්වලින් පිටවී යන්නේ නම් ඒ සඳහා විශේෂ අවසරපතක් ලබා ගැනීම කළ යුතුවෙයි.
මේ වනවිට පිලිපීනයේ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 111 දක්වා ඉහළ ගොස් ඇත. රෝහල්ගතව ප්‍රතිකාර ලබන ගණන 101 කි. පිලිපීනයෙන් වර්තා වන මරණ සංඛ්‍යාව 8 කි.
(අල් ජසීරා)

