මැතිවරණය මැද ප්‍රචණ්ඩ ක්‍රියා
බංග්ලාදේශ මහ මැතිවරණය පැවැත්වෙද්දී සිදුවුණු ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් මියගිය ගණන 7 කි. 20 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව ද වාර්තා වේ.
ප්‍රචණ්ඩ ක්‍රියා හටගෙන ඇත්තේ පාලක අවාමි ලීගයේ සහ විපක්ෂ දේශපාලන පක්ෂ ක්‍රියාකාරීන් අතරේ යැයි ද පැවැසෙයි.
පාලක අවාමි ලීගය මෙහෙයවන්නේ අගමැතිනී ශීක් හසීනාය. අගමැතිනිය උදෑසනින්ම ගොස් සිය ඡන්දය ප්‍රකාශ කළ බව බංග්ලාදේශ පුවත් සේවා වාර්තා කර තිබේ.
(රොයිටර්ස්)

