මැක්රොන්ද ? ල පෙන්ද ? ප්‍රංශ වැසියෝ ඡන්ද පොළේ



ප්‍රංශ ජනාධිපතිවරණයේ දෙවැනිවටය අද (7) ආරම්භ වෙයි.

ජනපතිවරණය පැවැත්වෙන්නේ පළමු වටයෙන් වැඩි ඡන්ද ප්‍රතිශතයක් දිනා ගැනීමට සමත්වුණු වන මධ්‍යගත අපේක්ෂක ඉමැනුවෙල් මැක්රොන් සහ අන්ත දක්ෂිණාංශික අපේක්ෂිකා මැරීන් ල පෙන් අතරේය.


ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු ප්‍රංශයේ වේලාවෙන් උදේ අටට ආරම්භ විය. එය අවසන් වනු ඇත්තේ රාත්‍රී 10 ටය.

ජනපතිවරණය කඩාකප්පල් කරනවා යැයි අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තවාදීන් අනතුරු අඟවා තිබුණු හෙයින් ඡන්ද පොළවලට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ඇතැයි ද වාර්තා වෙයි. ප්‍රංශ රජය කියා සිටියේ 50,000ක පොලිස් බළඇණියක් ආරක්ෂාවට යොදවා ඇති බවය.

දේශපාලන අත්දැකීම් අඩු 39 හැවිරිදි වියෙහි පසුවෙයි. ඔහු ප්‍රංශ ජනපති ධුරයට පත්වනු ඇතැයි බොහෝ දෙනාගේ විශ්වාසය වී ඇත. කෙසේ නමුත් 48 හැවිරිදි මැරීන් ල පෙන්ගෙන් මැක්රොන්ට ලොකු අභියෝගයක් එල්ල වනු ඇතැයි ද පැවැසෙයි.

(රොයිටර්)

 


RECOMMEND POSTS