මා අඩපණ කරන්න කොරෝනාට බෑ



තමා අඩපණ කිරීම කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසයට කළ නොහැකි බවත්, වයිරසයට ඔරොත්තු දීමට තම සිරුරේ ප්‍රතිශක්තියක් නිර්මාණය වී ඇති බවත් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත.

ඇමෙරිකන් ජනාදිපතිවරයා මෙසේ පැවැසුවේ, ෆොක්ස් නිවුස් නාළිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි. ඉදිරි දිනවල මැතිවරණ රැලි ආරම්භ කිරීමටත්, දිගින් දිගටම ජනතාව අතරට යෑමටත් තමන් සූදානම් බව ජනපති ට්‍රම්ප් අවධාරණය කළේය.

ඇමෙරිකන් ජනාධිපතිවරයා යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවත් ඔහු තවදුරටත් කොරෝනා වයිරස ආසාදිතයකු නොවන බවටත් ධවල මන්දිර වෛද්‍ය ෂෝන් කොන්ලි තහවුරු කර තිබේ.

ඇමෙරිකන් ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ නොවැම්බර් 3 වැනිදාය. සිය දෙවැනි සහ අවසන් ධුර කාලය වෙනුවෙන් ට්‍රම්ප් ඊට ඉදිරිපත් වන්නේ රිපබ්ලිකන් පක්ෂයෙනි.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS