මාස 11ට කුවේට්හි 355ක් මාරක අනතුරුවලින් මිය ගිහින්



පසුගිය මාස 11 ඇතුළත කුවේටි හි සිදුවූ මාරක අනතුරු වලින් 355ක් මියගොස් ඇති අතර පසුගිය අවුරුද්ද හා සසඳන විට එය 425ක් විය බව අල්-කුබාස් වාර්තා කළේය..

මෙම වාර්තාවන ඉදිරිපත් කර ඇත්තේ  තොරතුරු හා සංඛ්‍යා ලේඛන මධ්‍යස්ථානය විසිනි.

එම ආයතනය පෙන්වා දෙන පරිදි ජනවාරි මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා පුද්ගලයින් 4,000ක් තුවාල ලබා ඇති බව වැඩිදුරටත් පෙන්වා දෙයි.

මෙම වර්ෂයේ මියගිය ගණන ජනවාරි මාසයේ පුද්ගලයින් 47ක්ද, පෙබරවාරි මාසයේ පුද්ගලයින් 43ක්ද, මාර්තු මාසයේ පුද්ගලයින් 32ක්ද, අප්‍රේල් මාසයේ පුද්ගලයින් 30ක්ද, නොවැම්බර් මාසයේ පුද්ගලයින් 32ක්ද වේ.

පොලීසිය විසින් පවත්වන ලද පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ අධික වේගයෙන් රිය ධාවනය, වැරදි ආකාරයෙන් ඉස්සර කිරීම සහ මාර්ග නීති කඩකිරීම යන වැරදි මෙම මරණවලට හේතුවී ඇති බවයි.  

 

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙන්)

ජානක ප්‍රියදර්ශන ජයතිලක                      


RECOMMEND POSTS