මාස දෙකේ දියණිය විකිණීමට ගිය මවට අබු ඩාබි අධිකරණයේ නඩු



අවිවාහකව සිටියදී  තමන්ට දාව උපන් දරුවෙකු නීතිවිරෝධී ලෙස ඩිරාම් 10,000 මුදලකට විකිනීමට තැත් කළ ආසියා රටක කාන්තාවකට එරෙහිව අබුඩාබි අපරාධ අධිකරණය හමුවේ ඊයේ (18) නඩු පවරනු ලැබීය.

ඩුබායි නගරයේ සේවය කළ මෙම කාන්තාව තමාට දාව උපන් මාස දෙකක් වයසැති දියණිය තැරැව්කරුවන් දෙදෙනෙකුගේ මැදිහත් වීමෙන් අබුඩාබි කාන්තාවකට මුදලට විකිණීමට උත්සාහ කිරීමේදී පොලීසියට ලැබුණු ඔත්තුවකින් පසුව  ඇය අත්අඩංගුවට ගනු ලැබීය.

පසුව ඇයට එරෙහිව අබුඩාබි පොලීසිය විසින් අපරාධ අධිකරණය හමුවේ මෙලෙස නඩු පවරා ඇතැයි ද සදහන් වේ.

මෙම සැකකාර අවිවාහක කාන්තාවට උදව් කළා යැයි කියන තවත් පුද්ගලයින් පස් දෙනෙකුට එරෙහිව පොලීසිය නඩු පවරා ඇති අතර මෙම සියලු නඩු විභාගයන් ලබන මස 07 වැනිදා විභාගයට ගැනේ.

( තිළිණි ද සිල්වා )

කලීජ් ටයිම්ස් වෙබ් අඩවිය ඇසුරෙනි...


RECOMMEND POSTS