මාස්ක් පලඳින්න

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමටත්, වයිරසය ආසාදනය වීමෙන් වැළැකී සිටීමටත් මුහුණු ආවරණ (මාස්ක්) පලඳින්නැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඇමෙරිකානුවන්ගෙන් ඉල්ලීමක් කළේය.
මුහුණු ආවරණ පලඳින්නැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඇමෙරිකන් වැසියන්ගෙන් ඉල්ලීමක් කළ පළමු අවස්ථාව මෙයයි. ජනපතිවරයා මෙසේ ඉල්ලා සිටියේ ධවල මන්දිරයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක් වෙමිනි. ට්‍රම්ප් මාධ්‍ය හමුවට එක් වූයේ ද මුහුණු ආවරණ පැලැඳය.
‘සෞඛ්‍ය අංශ නිරන්තරයෙන් උපදෙස් දෙනවා සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරගන්න. ඒත් ඒක කරන්න අමාරු දෙයක්. ඒ නිසා මාස්ක් පැලැදීම කළ යුතුයි. බල කිරීමක් නොවෙයි. ඒත් කැමැති වුණත් අකමැති වුණත් හැමෝම මාස්ක් පැලැදීම කළ යුතුයි.’ යැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පැහැදිලි කළේය.
වයිරසය ව්‍යාප්තිය පාලනයට මුහුණු ආවරණ පලඳින්නැයි ඇමෙරිකන් සෞඛ්‍ය බලධාරීන් දිගින් දිගටම උපදෙස් දී තිබුණ ද ඇමෙරිකානුවෝ ඒ ගැන තැනීමක් නොකළහ.
වයිරස ව්‍යාප්තිය දරුණු ලෙස සිදුවූයේත් මරණ ඉහළ ගියේත් ඒ නිසා යැයි සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දී තිබේ. ට්‍රම්ප් ද මුහුණු ආවරණ නොපලඳින බව මුලින් පැවැසුවත්, දැන් මුහුණු ආවරණ පැලැදීමට යොමු වී සිටී. මුහුණු ආවරණ පැලැඳීම දේශප්‍රේමී ක්‍රියාවක් බව ට්‍රම්ප් පෙන්වා දී ඇත.
වොෂින්ටනයේදීය (රොයිටර්)

