මාලි හෝටලයකට ත්‍රස්ත ප්‍රහාරයක්



අප්‍රිකාවට අයත් මාලි රාජ්‍යයේ හෝටලයකට ඉස්ලාමීය ත්‍රස්වාදීන් පිරිසක් ප්‍රහාරයක් එල්ල කළ බවත්, මාලි හමුදාව වහා ක්‍රියාත්මක වී ප්‍රති ප්‍රහාර එල්ල කරද්දී, ත්‍රස්තයන් පලා ගිය බවත් වාර්තා වේ.

ත්‍රස්තවාදීන් පහර දී ඇත්තේ ෆලයිස් නමැති හෝටලයටය. හෝටලට පිහිටා ඇත්තේ බන්ඩියගාරා නමැති නගරයේය.

හෝටලයට පහර දුන් ත්‍රස්තවාසීන් දෙදෙනකු මරා දැමීමට මාලි ආරක්ෂක අංශ සමත් විය.

ත්‍රස්තයන් එල්ල කළ ප්‍රහාරයෙන් සිවිල් වැසියෝ සිවු දෙනෙක් තුවාල ලැබූහ.

මාලි රටේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන්නේ ටුරාග් ඉස්ලාමීය අන්තවාදී කල්ලියයි. මොවුන් එක් වී සිටින්නේ උතුරු අප්‍රිකා කලාපයේ ක්‍රියාත්මක අල් කයිඩා සංවිධානය සමඟය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS