මාලි රටේ හමුදා කුමන්ත්‍රණයක්: ජනපති අස්වෙයි



අප්‍රිකාවට අයත් මාලි රාජ්‍යයේ හමුදා කුමන්ත්‍රණයක් සිදුවිය. හමුදාව මැදිහත් වී, ජනාධිපති බෝද්කාර් නෙයිටා සහ අග්‍රාමාත්‍ය බෝඩු සෙසේ අත්අඩංගුවට ගැණින.

අත්අඩංගුවට ගැණුනු ජනපතිවරයා සහ අගමැතිවරයා බමාකෝ අගනුවර හමුදා කදවුරකට ගෙන ගිය බව ද පැවැසිණි. හමුදා කුමන්ත්‍රණය සම්බන්ධයෙන් ප්‍රංශය ඇතුළු විදෙස් රටවල් සිය අප්‍රසාදය පළ කළේය.

පැය කීපයක් ගත වෙද්දී හමුදා අත්අඩංගුවේ සිටියදීම ජනපති නෙයිටා රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් කියා සිටියේ, තමන් ජනපති ධුරයෙන් ඉල්ලා අස්වන බවය. ඒ අනුව, රජය මෙන්ම පාර්ලිමේන්තුව ද විසුරුවා හැරෙන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

(රොයිටර්)


RECOMMEND POSTS