මාලදිවයිනට යන ගමන් මෝදි කේරළයේ



මාලදිවයිනේත් ඉන්පසු ශ්‍රී ලංකාවේත් කෙටි සංචාරය ආරම්භ කිරීමට පෙර, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කේරළයේ සංචාරයකට පැමිණියේය.

කේරළරයේ ගුරුවයූර් කෝවිලේ විශේෂ පූජෝත්වයකට ද මෝදි සහභාගී විය. කේරළ ආණ්ඩුකාර පී. සතාෂිවම් ඇතුළු ප්‍රාන්ත රජයේ නියෝජිතයන් රැසක් මෝදි පිළිගැනීමට පැමිණ සිටි බව වාර්තා විය.

පසුගිය මැතිවරණයේදී කේරළ ප්‍රාන්තය භාරතීය ජනතා පක්ෂයට හිමි නොවිණි. කොංග්‍රස් නායක රාහුල් ගාන්ධි කේරළයේ වේයනාද් අසුන දිනා ගත්තේය.

2008 වසරේ දෙවැනි වරට ගුජරාටයේ මහ ඇමැති ධුරයට මෝදි පත්වුණු අවස්ථාවේදී ද මෝදි මෙම ගුරුවයූර් කෝවිලේ විශේෂ පූජාවකට සහභාගී වූ බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙයි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS