මාධ්‍යවේදියකුට තර්ජනය කරලා
මාධ්‍ය හමුවක් අතරතුරේ, බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ මාධ්‍යවේදියකුට පහරදීමට සැරැසුණේය. ඒ, එම මාධ්‍යවේදියා ඇසූ ප්‍රශ්නයකට කුපිත වීමෙනි.
එම මාධ්‍ය හමුව පැවැත්වූයේ බ්‍රසීලියා අගනුවරය. බ්‍රසීලයේ ප්‍රධාන මාධ්‍ය ආයතන නියෝජනය කරමින් මාධ්යාවේදීහු රැසක් ඊට සහභාගී වී සිටියහ. ‘ඕ ග්ලෝබෝ’ නමැති පුවත්පතේ මාධ්‍යවේදියා ජනපති බිරිඳ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්න විය. ඒ, ජනපති ආර්යාව දූෂණ වංචා කීපයකට සම්බන්ධ කරමිණි.
‘මම ඔතැනට ආවා නම් නුඹේ මූණ තලනවා’ යනුවෙන් මාධ්‍යවේදියාගේ ප්‍රශ්න කිරීම් හමුවේ කිපුණු ජනාධිපති වරයා කෑ ගැසුවේය. ඉන්පසු මාධ්‍ය හමුව නවතා දමා ජනාධිපතිවරයා ආරක්ෂක අංශ සාමාජිකයන් සමඟ එතැනින් පිටව ගියේය.
සාඕ පාවුලෝහිදීය (රොයිටර්)

