මාතෘ රෝහලක කාර්ය මණ්ඩලයට කොරෝනා

කෙන්යාවේ විශාලතම මාතෘ රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් 41 දෙනකුට සහ ගැබිනි මවුවරුන් තිදෙනකුට ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි අනාවරණය විය.
එම 41 දෙනාට අමතරව, රෝහලේ අතිරේක කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් 22 දෙනකු ද ආසාදිතයන් බව සිදු කළ පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය පැටි්රක් අමෝත් පවසා තිබේ.
වයිරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් මේ වනවිට ‘පුම්වානී’ මාතෘ රෝහල වසා දමා ඇතැයි සෞඛ්‍ය අධ්යක්ෂවරයා වැඩි දුරටත් පවසා ඇත. රෝහල පිහිටා ඇත්තේ නයිරෝබි අගනුවරට නුදුරින් ‘පුම්වානී’ පළාතේය.
මාතෘ රෝහලේ ‘කොවිඞ් 19’ වයිරසය පැතිර ගියේ නිසි සෞඛ්‍ය ක්‍රමවේද භාවිතයට නොගැනීමෙන් යැයි සෞඛ්‍ය අධ්යක්ෂවරයා පමණක් නොව, කෙන්යා ජනාධිපති ඇල්ෆ්රඞ් ඔබෙන්ගෝ ද පවසා තිබේ.
කෙන්යාවෙන් වාර්තා වන ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා ආසාදිතයන් ගණන 10,971 ක් යැයි වාර්තා වේ. කෙන්යාවෙන් වාර්තා වන ‘කොරෝනා 19’ මරණ සංඛ්‍යාව 202 කි. පසුගිය දා ‘කොවිඞ් 19’ ආසාදතය වීමෙන් කෙන්යාවේ පළමු වෛද්‍යවරයා මියගියේය.
නයිරෝබි නුවරදීය (රොයිටර්)

