මහ රැජිනගෙන් නත්තල් පණිවුඩයක්

බි්රතාන්යයේ දෙවැනි එලිසබත් මහ රැුජිනගේ නත්තල් දින පණිවුඩ අද (24) බි්රතාන්ය රූපවාහිනී නාළිකා හරහා විකාශය කෙරුණි.
දෙවැනි එලිසබත් රැුජින නත්තල වෙනුවෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කිරීම මහා බි්රතාන්යයේ සම්ප්රදායයයි. 93 හැවිරිදි මහ රැජින නත්තල් පණිවුඩය නිකුත් කළේ සැමියා වන පිලිප් කුමරු අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබද්දීය.
ගෙවී යන 2019 වසර හැල හැප්පීම් සහ අර්බුද රැසක් පිරුණු වසරක් යැයි මහ රැුජිනිය පෙන්වා දුන්නාය. ඊට අමතරව සන්හිදියාවේ වැදගත්කම පෙන්වා දෙමින්, එකිනෙකා වටහා ගනිමින්, සහජීවනයෙන් ජීවත්වීම කළ යුතු බව මහ රැුජින අවධාරණය කළාය. මහා බි්රතාන්යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම හෙවත් බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය සම්බන්ධයෙන් ද මහ රැුජින අදහස් දැක්වීමට අමතක නොකළාය.
ලන්ඩනයේදීය (ඒ.එෆ්.පී.)

