මස්ගේ ගනුදෙනු ගැන ඩිමොක්රටික් පක්ෂය විමසිල්ලෙන්

ඇමෙරිකන් මධ්‍යවාර මැතිවරණයේ දී, ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය ජයග්‍රහණය කරවීමේ අරමුණින්, ඇමෙරිකන් ඩොලර් මිලියන 450කට ආසන්න මුදලක් ලබා දුන්, ලොව අංක එකේ බිලියනපති ඉලෝන් මස්ක්ගේ ගනුදෙනු සම්බන්ධයෙන් ඉදිරියේ දී විමර්ශන පැවැත්වීමට කටයුතු කරන බව ඩිමොක්රටික් පක්ෂය පවසයි.
ඇමෙරිකන් මධ්‍යවාර මැතිවරණයෙන්, ඇමෙරිකන් කොංග්‍රසයේ (පාර්ලිමේන්තුවේ) නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේත්, සෙනෙට් සභාවේත් බහුතරය දිනා ගැනීමට ප්‍රතිවාදී ඩිමොක්රටික් පක්ෂය සමත් විය.
මධ්‍යවාර මැතිවරණයේ දී, ඉලොන් මස්ක්, රිපබ්ලිකන් පක්ෂය වෙනුවෙන් වැය කළ ඇමෙරිකන් ඩොලර් මිලියන 450ක එම මුදල මුදල බ්‍රිතාන්‍ය පවුම් මිලියන 334කට ආසන්න වන අතර, ඇමෙරිකන් මැතිවරණයකදී එක් පුද්ගලයකු දේශපාලන අපේක්ෂකයන් වෙනුවෙන් වැය කළ වැඩිම මුදල ලෙස ද වෙයි.
රිපබ්ලිකන් පක්ෂයට, කෙංග්රසයේ බලය අහිමි වීම එලෝන් මස්ක්ගේ ව්‍යාපාරික අධිරාජ්‍යයට ද සැලකිය යුතු බලපෑමක් එල්ල කළ හැකි බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
2024 ජනාධිපතිවරණයෙන්, ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රණය කළේ ඉලොස් මස්ක්ගේ සහාය ලැබුණු බැවිනි. ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත් වීමෙන්පසු ඉලොන් මස්ක්ට අයත් ‘ස්පේස් එක්ස්’ සමාගමට ඇමෙරිකානු රජයෙන් ඩොලර් බිලියන 10කට ආසන්න නව කොන්ත්‍රාත්තු හිමිවිය. ඊට අමතරව, ‘ස්පේස් එක්ස්’ සමාගම, රජයේ සහ ජාතික ආරක්ෂක කටයුතුවලට සම්බන්ධ වුණු බව පැවැසෙයි.
මේ දේවල් සම්බන්ධයෙන් විමර්ශකයක් පැවැත්විය යුතු බව ඩිමොක්රටික් පක්ෂය දිගින් දිගටම පවසා තිබුණි. කෙසේ නමුත් දැන් ඇමෙරිකන් කොංග්‍රසයේ (පාර්ලිමේන්තුව) බහුතරය හිමිවීමත් සමග ඩිමොක්‍රටික්වරුන් ඉලොස් මස්ක් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර සිදුවුණු ගනුදෙනු සම්බන්ධයෙන් සොයා බැලීමට සූදානම් වෙයි.

