මවත් දරුවොත් ගින්නට බිලි

සෞදි අරාබියේ ජෙඩා ආණ්ඩුකාර ප්‍රෙද්ශයේ අල්-සෆා දිස්ත්‍රිකයේ ජීවත්වු විදේශ පවුලකට අයත් නිවසක් හදිසියේ ගිනිගැනීම හේතුවෙන් පුද්ගලයින් හතර දෙනෙකු ඉතා අවාසනාවන්ත ආකාරයෙන් ජීවිතක්ෂයට පත්වී ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය.
ගින්න ඇතිවන අවස්ථාවේදි, වසය තිස් තුනක් වු මව, අවුරුදු හතරක්වු නිවුන් පිරිමි දරුවන් දෙදෙනා සහ වයස අවුරුදු හතක් වූ දියණිය සමග නිවසේ නිදාගෙන සිට ඇත.
නිවස තුල තිබූ මෙට්ටයට මුලින්ම ගිනි ඇවිලී ඇති අතර පසුව නිවස පුරා ව්‍යාප්ත වීම හේතුවෙන් නිවස තුල අධික ලෙස දුම් පිරී ඇත.
දුම් ආග්‍රාහනය නිසා ජීවිතක්ෂයට පත්වී ඇති බව කරන ලද මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.
මහජන ආරක්ෂක ඒකකයේ නිළධාරීන් පැමිණ ගින්න නිවා දැමීමට කටයුතු කල අතර නිවස තුල වැටි තිබූ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සදහා රෝහලකට යවා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වෙබ් අඩවිය වැඩිදුරටත් සදහන් කර ඇත.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)




