මවගේ ජාතිකත්වය දරුවාට දෙන්න- සෞදි ෂූරාවට යෝජනාවක්

දරුවා උපන් රට නොසලකා හරිමින් මවගේ ජාතිකත්වය දරුවාට ද දීමට සෞදි ෂූරා කවුන්සලියේ සාමාජිකයන් යෝජනා කර ඇත.
ජාතිකත්වය පිළිබඳ නීතියට පසුගිය වසර හැටක කාලයේදී කිසිදු සංශෝධනයක් ඉදිරිපත් කර නැතැයි ද එම නිසා එය කඩිනමින් සංශෝධනය කළ යුතු යැයි ද පැවැති සාකච්ඡාවකදී අදහස් දක්වමින් ෂූරා කවුන්සිලයේ කාන්තා සාමාජිකාවක වූ අතා අල් සුබයිති කීවාය. ඇය හා ලතීෆා අල් ෂාලන් හා හායා අල් මිනායි යන දෙදෙනා එම යෝජනාව කෙටුම්පත් කර ඇත.
කාලයත් සමඟ ආර්ථික හා පරිපාලන නීති වෙනස් වූ ආකාරයෙන් සෞදි කාන්තාවන්ගේ තත්ත්වය, ජාතිකත්වය ආදී කාන්තාවන් සම්බන්ධයෙන් පවතින නීති වෙනස් විය යුතු යැයි ද ඔවුන් තිදෙනා සෞදි ෂූරා කවුන්සලියට යෝජනා කළහ.
ජාතිකත්වය නොමැති පුරවැසියන්ට සෞදි පුරවැසියන්ට ලැබෙන හා හිමි ප්රතිලාභ නොලැබෙන අතර ඔවුහු තරමක් අවදානම් තත්ත්වයකද පසුවෙති.
කෙසේ වෙතත් මීට පෙර මෙම නීති සංශෝධනය කරන්නට ඉදිරිපත් වූ ෂූරා කවුන්සිලයේදී ප්රතික්ෂේප විය. කාන්තාවන්ට වාහන පැදවීම සඳහා අවසර දෙන්නැයි ඉල්ලූ යෝජනාවක් ද ඒ ආකාරයෙන් ප්රතික්ෂේප විය.
මිඞ්ල් ඊස්ට් මොනිටර්

