මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් විස්සක් මරුට

උතුරු බැඩ්ඩෑඩ් ප්‍රදේශයේ පිහිටි ගම්මානයක පවත්වන ලද විවාහ මංගල උත්සවයක් ඉලක්ක කරගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල වීමෙන් පුද්ගලයින් විසිදෙනෙකු මියගොස් 13දෙනෙකු තුවාල ලබා ඇති බව ඉරාක ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කලේය.
බැඩ්ඩෑඩ් නුවර සිට කිලෝමීටර් 130ක් දුරින් පිහිටි ටික්රීට් නගරයේ පිහිටා ඇති අල්-හජාජ් ගම්මානයේ දි බදාදා දින (මාර්තු 08) සවස පවත්වන ලද මංගල උත්සවයට ප්‍රහාරයක් එල්ල කිරීමේ අරමුණින් මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකු පැමිණ ඇත.
බෝම්බ ප්‍රහාරය එල්ල කලේ කවුරුන්ද යන්න මෙතෙක් හෙලිවී නොමැත.
අයි.එස් ත්‍රස්තයින් විසින් මෙම බෝම්බ ප්‍රහාරය සිදුකර ඇති බවට සැකකරනු ලබන අතර එසේ සැකකිරීමට හේතුව වී ඇත්තේ පසුගිය කාලය පුරාවට මෙවැනි ප්රහාරයන් ගණනාවක් එල්ල කිරීමට කටයුතු කිරීම නිසාය.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

