මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයක්

ඇෆ්ගනිස්තානයේ ජලල්ලාබාද් නුවර සිදුවුණු මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයෙන් 19 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 32 කි.
ප්රහාරයේ වගකීම අයි.එස්. ත්රස්ත සංවිධානය විසින් බාර ගනු ලැබ ඇතැයි ද වාර්තා වේ. ඇෆ්ගන් තලේබාන් සංවිධානය සමඟ අත්වැල් බැඳගෙන සිටින්නේ අයි.එස්. ත්රස්ත සංවිධානයයි.
බෝම්බය පුපුරා ගියේ ජලල්ලාබාද් නුවර ෂීක් වැසියන් පිරිසක් ඉලක්ක කර ගනිමිනි. ලබන ඔක්තෝබරයේ ඇෆ්ගන් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නියමිතය. ඊට ඉදිරිපත් වන අපේක්ෂකයකු ද බෝම්බ ප්රහාරයෙන් මියගොස් ඇති බව වාර්තා වේ.
(රොයිටර්)

