මර්ස් රෝගියකුගේ මරණයක් සෞදියෙන් වාර්තා වෙයි

පනස් හය හැවිරිදි සෞදි ජාතිකයෙකු MERS-CoV නමින් හදුන්වනු ලබන ශ්වසන පද්ධතිය ආශ්‍රීත කීරීටක ධමනිවල සිදුවූ වෛරස් ආසාදනය වීම හේතුවෙන් මරණයට පත්වී ඇත.
ඔහුගේ තත්වය බරපතලවීම හේතුවෙන් හෆ්ර් අල්-බේටින් හි පිහිටි රජයේ රෝහලකට ඇතුලත්කර ඇත.
පසුව එහිදි ඇතිවූ සංකූලතාවයක් හේතුවෙන් එම රෝහලේදී මිය ගියේය.
මේ අතර වසය අවුරුදු 85ක සෞදි ජාතිකයෙකුද වෛරසයක් ආසාදනය වීම හේතුවෙන් මෙඩීනා රජයේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තාවේ.
ඔහුගේ තත්වය අසාධ්‍ය බව වාර්තාවේ.
MERS-CoV නැමති වෛරසය ආසදනය වූ රොගියකු පැය 24ක් ඇතුලත වාර්තා නොවු බවද සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.
(ජී.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)
ජානක ප්‍රියදර්ශන ජයතිලක

