මර්දනයට බෙහෙතක් ජර්මනියේ

‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය පරාජය කළ හැකි ආකාරයේ වයිරසනාශක ඖෂධයක් නිපදවා එය සර්ථකව අත්හදා බලා ඇතැයි ජර්මන් ඖෂධ සමාගමක් කියයි.
මෙම වයිරස නාශක ඖෂධය නිපදවා ඇත්තේ ජර්මනියේ ‘බයර්’ සමාගම යැයි පැවැසෙයි. නව කොරෝනා වයිරසය හේතුවෙන් ආසාධ්‍ය තත්ත්වයේ පසුවුණු රෝගීන්ට ඖෂධය ලබා දුන් බවත් ඔවුන්ගේ තත්ත්වය යහපත් අතට හැරී ඇති බවත් ‘බයර්’ සමාගම පවසා ඇත.
මෙම නව ඖෂධ තොගයක් වහාම ඇමෙරිකාවට පරිත්‍යාග කිරීමට ද ඖෂධ සමාගම තීරණය කර තිබේ. ඒ, ඇමෙරිකාවෙන් කොරෝනා වයිරස මරණ 100 ඉක්මවා ගිය අවස්ථාවේදීය. ඇමෙරිකාවේ ජනපද 50 න් ම කොරෝනා ආසාදිතයන් හමුවී ඇතැයි එරට පුවත් සේවා වාර්තා කර තිබේ.
බර්ලීනයේදීය (රොයිටර්)

