මරණ 90,000 පසු කරයි



කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය මරණ සංඛ්‍යාව 90,000 පසු කර තිබේ.

මරණ සංඛ්‍යාව මෙසේ ඉහළ ගියේ ඉතාලියෙන්, ස්පාඤ්ඤයෙන් සහ ඇමෙරිකාවෙන් දිනපතා 600 ත් 700 ත් අතර ආසාදිතයන් පිරිසක් මියයෑම හේතුවෙනි.

චීනයෙන් පිට වැඩිම මරණ වාර්තා වී ඇත්තේ ඉතාලියෙනි. ඉතාලියෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 18,000 පසු කර තිබේ. ස්පාඤ්ඤයේ මරණ 15,000 පසු කර ඇති අතර, ඇමෙරිකාවේ මරණ 10,000 පසු කර තිබේ.

අද (10) වනවිට ලොව නන්දෙසින් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1,4534,426 කි.

(රොයිටර්)


RECOMMEND POSTS