මදුරෝට සහාය දෙන බව තුර්කිය කියයි
වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝට තමාගේ සහාය හිමිවන බව තුර්කි ජනාධිපති තායිප් රෙජෙබ් ඇර්දොවාන් අද (24) ප්රකාශ කළේය.
වෙනිසියුලාවේ විපක්ෂ නායක තමන් එරට අන්තර්කාලීන ජනාධිපතිවරයා යැයි ප්රකාශ කිරීමෙන් පසු තුර්කි ජනාධිපතිවරයා ඒ බව කීවේය.
“අපේ ජනාධිපතිවරයා වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මදුරෝට සහයෝගය පළ කළා. ඔහු වෙනිසියුලා ජනාධිපතිවරයා දුරකතනයෙන් අමතා ඒ බව කියා සිටියා. ‘මගේ සහෝදර මදුරෝ, නැගී සිටින්න, අපි ඔබ සමගයි’ යනුවෙන් ජනාධිපතිවරයා කීවා” යැයි තුර්කි ජනාධිපතිවරයාගේ විශේෂ උපදේශකයකු වන ඊබ්රහිම් කලින් ට්විටර් පණිවුඩයක් තබමින් සඳහන් කළේය.
වෙනිසියුලාවේ විපක්ෂ නායක යුවාන් ගුවයිඩෝ බදාදා තමන් එරට අන්තර්කාලීන ජනාධිපතිවරයා යැයි ප්රකාශ කළේය.
වෙනිසියුලාවේ විපක්ෂ නායක යුවාන් ගුවයිඩෝට ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ ලතින් ඇමෙරිකාවේ රටවල් රැසක සහයෝගය හිමි වේ.
මදුරෝ සමාජවාදී නායකයකු යැයි සැලකේ. වෙනිසියුලාව තෙල් සම්පතින් පොහොසත් රටකි. මදුරෝ 2013 වසරේ සිට වෙනිසියුලාවේ ජනාධිපති ධුරය හොබවයි.
හර්ෂණ තුෂාර සිල්වා
රොයිටර් ඇසුරිනි

