මත් පෙති විසි ලක්ෂයක් ගෙන යද්දී අල්ලාගෙන
එක්සත් අරාබි එමීර් ජනරජයේ සිට තහනම් මත් දුව්‍ය පෙති විසි ලක්ෂයක් සවුදි අරාබියට ගෙන යාමට උත්සාහ කළේයයි පුද්ගලයෝ සතර දෙනෙක් චෝදනා ලැබ සිටිති.
මෙම පුද්ගලයන් සිව්දෙනා අලල්ලා ගනු ලැබුයේ පසුගිය මැයි මාසයේදී දේශ සීමාවේ අල් ගුවායිෆත්හිදිය.
මෙහි ප්‍රධාන සැකකරැ වන අරාබි ජාතිකයා මෝටර් රථය පදවමින් සිටි අවස්ථාවේදී පොලීසිය මාර්ගය හරස් කර ඔවුන් අල්ලාගත් බවත් අල් දෆ්රාහි අපරාධ අධිකරණයේදී අනාවරණය විය.
දේශ සීමාව අසලදී මෝටර් රථය පරීක්ෂා කළවිට මත් ද්‍රව්‍ය පෙති 200,0126ක් සොයාගත හැකි වූ බව පැමිණිලෙන් කියැවුණි.
මොටර් රථය ඇතුළත සහ ආසනවල මත් ද්‍රව්‍ය පැකට් සඟවා තබා ගැනීමට හැකිවන සේ රථය අලුත් වැඩියා කර ඇති බවද අනාවරණය විය .
ඉන්පසුව සැකකරුගේ නිවසට ගොස්පරීක්ෂා කිරීමේදී ඔහුගේ හවුල් කරැවන් තිදෙනාද තවත් මත් පෙති 107ක්ද ඇමෙරිකානු ඩොලර් 210,000ක්ද සොයා ගැනිමට හැකිවූ අතර මත් ද්‍රව්‍ය සහ මුදල් රාජසන්තක කෙරැණි.
තමා සවුදි අරාබියට මත් පෙති රැගෙන ගොස් ඒවා ගල්ෆ් කලාපයේ වෙනත් රටවලට යැවීමට සූදානම්ව සිටි බව සැකකරු පිළිගත්තේයයි පොලිසිය කියයි.
තමන් එවැනි වරදක් පිළි නොගත් බවත් එම චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් සැකකරුවෝ අධිකරණයේදී කියා සිටියහ.
නඩු විභාගය සැප්තැම්බර ්25දා තෙක් කල් තබන ලදී.

