භූමි කම්පාවෙන් තායිවානයට හානි



රික්ටර් පරිමාණයේ ඒකක 6.9 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමි කම්පාවකින් තායිවානයේ දකුණු දිග වෙරළ තීරය කැලැඹිණි.

තායිවානය යනු චීනයට ඔබ්බෙන් පිහිටි දූපතකි.

භූමි කම්පාව හටගත්තේ සවස 2.44 ට පමණ, ටයිටුංග් නමැති නගරයේ සිට කිලෝ මීටර් 50 ක් ඈතින් මුහුදේ කිලෝ මීටර් 10 ක් ගැඹුරු පතුළේය.

භූමි කම්පාව හේතුවෙන් මහල් ගොඩනැගිලි කීපයක් බියට සමතලා විය. මාර්ග අවහිර වීමෙන් දහස් ගණනක් දෙනා කොටු වී සිටින බව පැවැසෙයි.

තායිවාන මාධ්‍ය වාර්තා කර ඇති අන්දමට සිය ගණනක් තුවාල ලබා ඇති අතර මරණ ද වාර්තා වීමට පටන් ගෙන තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS