භූමිකම්පාවෙන් පසු සුනාමි බියක්



නැගෙනහිර රුසියාවේ කම්චැට්කා අර්ධදීපය, ප්‍රබල භූමිකම්පාවකින් කැලඹිණි. භූමිකම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් මාපකයේ, ඒකක 8.8 ක් ලෙසය. භූමිකම්පාවෙන් පසු සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කෙරුණු අතර, රුසියාවේ සහ ජපානයේ වෙරළ තීරයන්ටත්, හවායි දූපත්වලටත්, ඇමෙරිකාවේ බටහිර වෙරළ තීරයටත් සුනාමි රළ කඩා වැදුණි.

භූමිකම්පාවත් සමඟ සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කළ බැවින්, ජීවිත හානි කිසිවක් සිදුවූ බවක් වාර්තා නොවෙයි

භූමි කම්පාව හටගත්තේ, රුසියාවේ කම්චැට්කා අර්ධදීපයේ, පෙට්‍රපෞලොව්ස්ක් කම්චැට්ස්කී වෙරළාශිත නගරයට ඔබ්බෙන් කිලෝ මීටර් 136 ක් දුරින්, මුහුදු පතුළේය.

සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කිරීමත් සමග, මීටර් 3 ත් 4 ත් උසැති සුනාමි රළ පළමුවෙන් කඩා වැදුණේ රුසියාවේ කුරිල් දූපතේ, සෙවේරෝ කුරිල්ස්ක් වරාය නගරය සහ වෙනත් වෙරළාශිත නගරවලටය.

සෙවේරෝ කුරිල්ස්ක් වරාය නගරයේ ජනගහනය 2,000 ක් පමණ බවත්, ඒ සියලු දෙනා ආරක්ෂිතව නගරයෙන් ඉවත් තිරීම සිදුවිය. සුනාමි රළ කඩා වැදීමත් සමග වරායේ ගොඩනැගිලි සහ නිවාසවලට හානි විය. බෝට්ටු සහ සුනාමි රළවලට හසුවිය.

ඉන්පසු සුනාමි රළ කඩා වැදුණේ පැසිෆික් වෙරළ තීරයටය. හොකයිඩෝ සිට ඔකිනාවා දක්වා මීටරයක් දක්වා උස සුනාමි රළ කඩා වැදුණි. මීටරයක් දක්වා උස සුනාමි රළ වෙරළට කඩා වැදුණු බව ද වාර්තා විය.

ඇමෙරිකාවේ පාලනය යටතේ පවතින හවායි දූපත්වලටත්, ඇලෙස්කාවටත් මීටර් 3 ක් පමණ උස සුනාමි රළ කඩා වැදුණි. බලධාරීන්ගේ උපදෙස් පිළිපදිමින්, සුනාමි රළවලින් ආරක්ෂා වෙන්නැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පැවැසීය.

ඊට අමතරව, තායිවානය, පිලිපීනය, චීනය, ගුආම් හවායි දූපත්, ටොංගා, ඇමෙරිකාවේ බටහිර වෙරළ තීරයේ කැලිෆෝනියා, ඔරෙගන්, වොෂින්ටන් පමණක් නොව, බ්‍රිටිෂ් කොලම්බියා, මෙක්සිකෝ, පේරු සහ එක්වදෝරයට සුනාමි අනතුරු ඇගවීම් කර ඇත.


RECOMMEND POSTS