භූමිකම්පාවෙන් පසු රුසියාවට පසුකම්පන

නැගෙනහිර රුසියාවේ, කම්චැට්කා අර්ධද්වීපයේ සිදුවුණු ප්රබල භූමිකම්පාවෙන් පසු හම කලාපයෙන් පසුකම්පන 18 ක් වාර්තා වී ඇතැයි පැවැසෙයි.
හටගත් එම සියලු පසුකම්පන රික්ටර් පරිමාණයේ ඒකක 5 ට වඩා වැඩි යැයි ද පැවැසෙයි. ඊයේ (30) හටගත් ප්රබල භූමිකම්පාව රික්ටර් පරිමාණයේ ඒකක 8.8 ක් සටහන් කළේය.
එම ප්රබල භූමිකම්පාවෙන් පසු රුසියාවට, ජපානයට, ඇමෙරිකාවට අයත් හවායි දූපත්වලට, ඇලෙස්කාවට, ඇමෙරිකාවේ බටහිර වෙරළ තීරයට, ලකින් ඇමෙරිකානු රටවලට සුනාමි රළ කඩා වැදුණි. එම සුනාමි රළවලින් කිසිවකුටවත් කිසිදු අනතුරක් සිදු වූයේ නැත.
ප්රබල භූමිකම්පාවෙන් පසු කම්චැට්කා අර්ධද්වීපයේ පිහිටි ක්ලුචෙව්ස්කී ගිනි කන්ද සක්රිය වී පුපුරා යෑමට ද පටන්ගෙන ඇත.
ලෝකයේ වඩා සක්රීය ගිනිකදුවලින් එකක් ලෙස මෙම ගිනි කන්ද සැලකෙයි. මෙහි උස මීටර් 4,750 කි. 1700 වසරේ සිට මේ දක්වා මෙම ගිනි කන්ද 50 වතාවකට වඩා වැඩි ගණනක් පුපුරා ගොස් ඇත.

