භූතානයේ කොරෝනා නෑ
සමාජයෙන් ආසාදිතයන් වාර්තා නොවන බැවින්, කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් පැනැවූ ලොක්ඩවුන් තහංචි ඉවත් කරන බව භූතාන අග්‍රාමාත්‍ය ලොටේ ෂෙරිංග් පවසයි.
අග්‍රාමාත්‍ය ලොටේ ෂෙරිංග්, භූතානයේ සිටින දක්ෂ, විශේෂඥ වෛද්‍යවරයකු ද වෙයි. ලොක්ඩවුන් තහංචි ඉවත් කරනවා යැයි අග්‍රාමාත්‍යවරයා පැවැසුවේ, රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමිනි.
ඉන්දියාවටත් චීනයටත් මැදි වුණු සාර්ක් සාමාජික රටක් ද වන භූතානයේ ජනගහනය 7,50,000 කි. භූතානයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් ගණන 225 කි. කිසිදු මරණයක් වාර්තා වී නැත.භූතානය එරටට ලොක්ඩවුන් තහංචි පැනැවීමක් කළේ පසුගිය මාර්තුවේදීය. ඒ, පළමු වයිරස ආසාදිතයා හමුවීමත් සමඟය.
තිම්පුහිදීය (රොයිටර්)

