බෝම්බ පිපිරී 40 ක් මරුට



පාකිස්තාන දේශසීමාවට නුදුරින්, ඇෆ්ගන් දේශසීමාවේ, පිහිටි ෂියා මුස්ලිම් පල්ලියකට එල්ල වුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ෂියා මුස්ලිම් වැසියෝ 40 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

බෝම්බ ප්‍රහාරය එල්ල වූයේ පක්ටියා නමැති පළාතේ ගර්දේස් නගරයේ පිහිටි මුස්ලිම් පල්ලියටය. ප්‍රහාරයෙන් තුවාල ලැබූ ගණන 80 ක් යැයි පැවැසෙයි.

ප්‍රහාරය එල්ල කරන්න ඇත්තේ සුන්නි මුස්ලිම් තලේබාන් ත්‍රස්තයන් යැයි අනුමාන කෙරේ. ෂියා මුස්ලිම්වරුන් ඉලක්කකර ගනිමින් පහර දෙන්නේ මෙම සුන්නි ත්‍රස්තවාදීන්ය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS