බොලිවුඩ් නිළියන්ගෙන් ප්‍රශ්න කෙරේ

බොලිවුඩ් නළු සුෂාන්ත් රාජ්පුත් දිවි නසා ගැනීම සම්බන්ධයෙන්, ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය මැදිහත් වී විශේෂ විමර්ශනයක් පවත්වන අතර, ඔවුන් මේ වනවිට බොලිවුඩ් සුපිරි නිළියන් කීප දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කර ඇතැයි පැවැසෙයි.
සුෂාන්ත් රාජ්පුත්ගේ පෙම්වතිය රියා චක්‍රබෝර්තිගේ වට්ස් ඇප් පණිවුඩ හරහා ලබා ගත් තොරතුරු අනුව බොලිවුඩ් නිළියන්ගෙන් ප්‍රශ්න කිරීම සිදු කරන බව මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය පවසා ඇත.
මේ වනවිටත්, රියා චක්‍රබෝර්ති, ඔහුගේ සොහොයුරා ෂෝවික් සහ තවත් 15 දෙනකු රක්ෂිත බන්ධනාගාර ගතකර ඇතැයි ද පැවැසෙයි. ඒ, සුෂාන්ත් රාජ්පුත්ට මත්ද්‍රව්‍ය ලබා දුන්නැයි යන චෝදනා නිසාය.
සාරා අලී ඛාන්, ශ්‍රද්ධා කපූර්, රකුල් ප්‍රීත් සිං යන බොලිවුඩ් සුරූපිනියන්, ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මෙසේ ප්‍රශ්න කිරීම් සඳහා කැඳවනු ලැබ ඇත. ඊට අමතරව, දීපිකා පදුකෝන් ද විමර්ශනය සඳහා කැඳවුණු ලැබ තිබේ. දීපිකා, සැමියා රන්වීර් සිං සමග මුම්බායි නුවර බලා පැමිණ සිටින්නේ ඒ නිසා යැයි ද පැවැසෙයි.
නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)

