බොලිවියා හිටපු ජනපති මොරාලේස් මරන්න හදලා



දකුණු ඇමරිකාවාට අයත් බොලිවියා රාජ්‍යයේ හිටපු ජනාධිපති ඊවෝ මොරේලස්ගමන් කරමින් සිටි මෝටර් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල විය. එය තමන් ඝාතනය කිරීමට ගත් උත්සාහයක් බව මොරාලේස් චෝදනා කරයි.

වෙඩි ප්‍රහාරයෙන් මොරාලේස්ට කිසිදු අනතුරක් සිදු නොවිණි. තමන් ඝාතනය කිරීමට උත්සාහ ගන්නේ වත්මන් බොලිවියානු රජය යැයි මොරාලේස් චෝදනා කරයි.

බොලිවියානු රජය මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් පවසා ඇත්තේ හිටපු ජනාධිපතිවරයා එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවය. 

කෙසේ නමුත් සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් පවත්වන බව ද රජය වැඩි දුරටත් පවසා ඇත. වෙඩි ප්‍රහාරයට ලක් වෙද්දී, මොරාලේස් ගුවන් විදුලි නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට යමින් සිටියේය.


RECOMMEND POSTS