බොන්ග්බොන්ග්ට විශිෂ්ට ජයක්!

පිලිපීන ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයක් අත්පත් කර ගැනීමට එරට හිටපු ඒකාධිපති ජනාධිපති ෆර්ඩිනැන්ඩ් මාකෝස්ගේ පුතු 64 හැවිරිදි බොන්ග්බොන්ග් සමත් විය.
ජනාධිපතිවරණ සටනට අපේක්ෂකයෝ 6 දෙනෙක් ඉදිරිපත් වී සිටියහ. ඔවුන් අතරින් ද සටනක් පැවැතියේ, පිලිපීන 'පී.ඊ.පී' ජාතික පක්ෂය නියෝජනය කළ බොන්ග්බොන්ග් සහ 'ලිබරල්' පක්ෂ අපේක්ෂිකාව ලෙනී රොබ්රේඩෝ අතරේය.
නිල නොවන වාර්තා අනුව, බොන්ග්බොන්ග් මාකෝස් ජූනියර් (කණිෂ්ඨ) ලබා ගත් ඡන්ද ප්රතිශතය සියයට 58 කි. ලෙනී රොබ්රේඩෝ ට ලබා ගැනීමට හැකි වූයේ සියයට 28 ක ඡන්ද ප්රතිශතයක් පමණි.
54 හැවිරිදි ලෙනී රොබ්රේඩෝ, පිලිපීන ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ උප ජනාධිපති ලෙස වසර 6 ක් එම ධුරයේ රැඳී සිටීමෙන් පසුවය.
(බීබීසී)

