බොගේන්විල් වැසියෝ ඡන්දය දමති



පැසිෆික් සාගරයේ පිහිටි බොගේන්විල් දූපත් කේන්ද්‍රකොට ගනිමින් ජනමත විමසුමක් පැවැත්විණි. ඒ, පැපුවා නිව්ගිනි රාජ්‍යයෙන් මිදී වෙනම රාජ්‍යයක් බවට පත් වෙනවා ද නැද්ද යන්න විමසීමටය.

බොගේන්විල් දූපතේ බූකා අගනුවර ස්ථාපිත කර තිබුණේ එක් ඡන්ද පොළක් පමණය. දහසකට වැඩි පිරිසක් ඊයේ (23) උදෑසන සිට මහත් උනන්දුවෙන් පෝළිම් ගැසී සිටියේ ඡන්දය ප්‍රකාශ කිරීමටය. බොගේන්විල් දූපත් රාජයයේ 2,07,000 ක පිරිසක් ජීවත් වෙති.

බොගේන්විල් දූපත් සහ පැපුවා නිව්ගිනි දූපත් අතර වසර ගණනක් සිවිල් යුද්ධයක් පැවැතුණු අතර සාම වැඩපිළිවෙළකින් එය අවසන් වූයේ බොගේන්විල් දූපත්, පැපුවා නිව් ගිනියාවේ කොටසක් බවට පත් වෙමිනි.

බොගේන්විල්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS